Loading...

මාදම්පේ සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙක්ට තුවාල

හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ ගල්හිටියාව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙක් පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝගීන් කිහිපදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බවයි.

අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකට වේගය පාලනය කර ගැනීමට නොහැකිව පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *