වෙළෙඳපොල තුළ පවතින අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ දෙකක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි.
“අද (04) සිට මෝල්හිමියන් අපිත් සමග එකඟ වුණා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට.
මෝල්හිමියන් ගෙන්වා රජය සිදුකළ සාකච්ඡාවේදී මෝල්වල තිබෙන සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙන නිසා කියලා කිව්වා.
අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා.
ඒ නිසා අද සිට ඔවුන් අපිට එකඟවෙලා තිබෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිලට ලබාදීමට.”
Leave a Reply