2024 වසරේ පළමු මාස 4 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පුද්ගලයින් 2064 දෙනෙක් ගත වූ මාස 4 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙක්, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙක්, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඔවුන් මෙලෙස දකුණු කොරියාව බලා පිටත්ව ගොස්ව තිබෙනවා.
එම පිරිසෙන් 1892 දෙනෙක් පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ කාලසීමාවෙදී තරුණියන් 41 දෙනෙක් ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බවයි.
Leave a Reply