දුම්රිය ඔස්සේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි 20ක මුදලක් නාස්ති වී ගොස් ඇති බව වාර්තා වනවා.
ජාතික විගණන කාර්යාලය දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම විගණන වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා.
දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා 2022 වසරේ අතුරු අයවැය ප්‍රතිපාදන මඟින් රුපියල් කෝටි 20ක් භාණ්ඩාගාරයෙන් ලබාදී තිබූ අතර ඉන් රුපියල් කෝටි 19ක් වැයකර දුම්රිය මැදිරි 5ක් අලුත්වැඩියා කර තිබූ බවද මෙම වාර්තාවේ සඳහන්.
Leave a Reply