මැති ඇමතිවරුන්ට විස්සකට වැඩි පිරිසක් විදේශ ගතව සිටින බව වාර්තා වනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් වන්නේ ඉන් බොහෝ පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා විදේශගතව ඇති බවයි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් මෙලෙස විදේශගත තිබෙනවා.
පාර්ලිමේන්තුව පසුගිය 03 වනදා අවසන් වරට රැස්වීමෙන් පසු මේ මස 24 වනදා දක්වා කල් තබනු ලැබුවා.
මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑලියට ගොස් ඇති බවද වාර්තා වනවා.








Leave a Reply