Loading...

ආපදා මරණවලින් 17ක් මරුට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බවයි.

ඊට අමතරව ඊයේ (03) දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21353කට අයත් පුද්ගලයින් 84749 දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර නිල්වලා ගඟ ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ හේතුවෙන් මාලිම්බඩ, තිහගොඩ, මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ගංවතුර අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවද කැළණි, කළු, ගිං යන ගංගා ද තවදුරටත් පිටාර ගලමින් පවතින අතර අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *