Loading...

යුද හමුදාවෙන් 15667 නිත්‍යානුකූලව සේවයෙන් ඉවතට

නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින් ලබාදී තිබූ මසක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණා.

ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ අදාළ කාල සීමාව තුල සාමාජිකයින් 15667 දෙනෙක් නිත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්ව වූ බවයි.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැති සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළා.

මේ අතර මෙම කාලසීමාවේ දී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 373 දෙනෙක් සඳහා ද නිත්‍යානුකූලව යුද හමුදාවෙන් සේවයෙන් ඉවත් ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *