Loading...

අඩි 13ක උස සුනාමි රළක් රුසියාවට කඩා වදී – ජපානයටත් අනතුරු අඟවයි

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් කමවැට්කා අර්ධද්වීපයට අඩි 13ක උස සුනාමි රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගැනුණා.

USGSට අනුව රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදුවුණා.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවමින් පවසන්නේ මීටර් 1ක් දක්වා රළ ඇති විය හැකි බවයි.

ඊට අමතරව හවායි දුපත් සහ ඇලස්කාවේ ඇලුටියන් දුපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හි සඳහන්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *