Loading...

12000 බිලකටත් මන්ත්‍රී ජගත්ගේ නිවසේ ලයිට් කපලා

කිසිඳු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තු සැසිවාරයේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ තමාට ගෙවීමට තිබුණේ රුපියල් 12000ක බිලක් පමණක් බවයි.

කෙසේ නමුත් මන්ත්‍රීවරයෙකුගේ නිවසේ විදුලිය දැනුම් දීමකින් තොරව විසන්ධි කරන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ නිවසක විදුලිය විසන්ධි කරන ආකාරය සිතාගත නොහැකි බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසකර මහතා කියා සිටියේ ඒ සම්බන්ධව තමා කණගාටු වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *