Loading...

එන්නතක් විෂ වීම හේතුවෙන් සිසුන් 11ක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කරයි

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් 11 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයකට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස එන්නත් ලබා ගැනීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 06ත් 13ත් අතර වියේ පසුවන පාසල් දරුවන් 11 දෙනෙක්.

මෙම සිසුන් සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ වීමෙන් ඔවුන් ආසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අදාළ සිසුන් පිරිස මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට කර තිබෙනවා.

මේ අතර සිද්ධිය පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *