අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදුවූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
තවත් පුද්ගලයින් 05 දෙනෙක් ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදහන්ව තිබෙනවා.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව පවුල් 9764ක අයත් පුද්ගලයින් 36504 දෙනෙක් මේ වන විට බලපෑමට ලක්ව තිබෙනවා.
තවද සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 5174 දෙනෙක් රඳවා සිටන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නිවාස 4119ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 28ක් පුර්ණ වශයෙන් හානියට පත්ව ඇති බව සඳහන්.
මේ අතර ඊයේ (02) පස්වරු 6න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ පලවෙල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
එය මිලිමීටර් 377ක අගයක් ගෙන ඇති බව වාර්තා වනවා.
මේ අතර අද (03) අලුයම නිකුත් කර ඇති නිවේදනයක් අනුව නිල්වලා ගඟ ද්‍රෝණියේ ප්‍රදේශයේ කිහිපයකට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් වන පස්ගොඩ, පිටබැද්දර, කොටපොළ, අකුරැස්ස යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.
අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල අද දිනය අවසන් වන තෙක්ම තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Leave a Reply