Loading...

රටේ වත්මන් තත්ත්වය ගැන අද සභාව කල්තැබීමේ විවාදයක්

පාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර සිටිනවා.

අද දිනයේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විශේෂ විවාදය පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, රට හමුවේ ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර, ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ඇතැම් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් බරපතල ගැටලු පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියා.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව හෙට (21) දිනයේදී රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ වන යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතයි.

එසේම, ලබන බ්‍රහස්පතින්දා (22) දිනයේ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, ලබන සිකුරාදා (23) දිනයේදී ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *