අතිශය ජනාදරයට පත්ව සිටි මෙරට සිටින විශාලතම සහ උසම ඇත් රජෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දරුණු රෝගී තත්ත්වයෙන් පසුවූ මෙම අපූරු හස්තිරාජයා අද (16) පෙරවරුවේ සියඹලන්ගමුව ප්රදේශයේ කුඹුරු යායක ඇදවැටී සිටියදී වනජීවී නිලධාරීන්ට හමුවී තිබුණි.
ප්රදේශයේ දැඩි ආදරයට පාත්ර වූ ගල්ගමුව ප්රදේශයේ වාසය කළ මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. ඒ අනුව, ඇතාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන බරපතළ තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට වනජීවී විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් විසින් අඛණ්ඩ ප්රතිකාර ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වෙතත්, පාදයේ තුවාලය යම්තාක් දුරට සුවවී තිබුණත්, පසුගිය දින කිහිපය තුළ ඇතා නිසි පරිදි ආහාර නොගැනීම ඇතුළු තවත් විවිධ සංකූලතා හා රෝගී ලක්ෂණ උන්වහන්සේගෙන් (ඇතාගෙන්) නිරීක්ෂණය වූ බවයි වනජීවී බලධාරීන් සඳහන් කරන්නේ.
මෙරට අභිමානවත් වනජීවී සම්පතක් වූ කාවන්තිස්ස හස්තිරාජයාගේ හදිසි වියෝව වනජීවී ලෝකයට සහ වන අලි සංරක්ෂණයට දැරිය නොහැකි මහත් පාඩුවක් වනු නොඅනුමානය.






Leave a Reply