Loading...

නාමල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ (Krrish) සමාගම් ගනුදෙනුවට අදාළව සිදුකරන දීර්ඝ මූල්‍ය විමර්ශනවලට සමගාමීව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ගොනුකර තිබෙන අදාළ නඩුකරය අද (13) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නැවත කැඳවීමට නියමිතයි.

එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අධිකරණ භූමිය වෙත රැගෙන එනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *