ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ධන මිලගණන් ශීඝ්රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් එම රටේ ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
රුසියානු තෙල් පිරිපහදු කම්හල් ඉලක්ක කරගනිමින් යුක්රේනය විසින් එල්ල කරනු ලබන දැවැන්ත ප්රහාර සහ ඇමෙරිකාව තුළ පවතින ඇතැම් පිරිපහදු කම්හල් වසා දැමීම මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට ප්රධාන වශයෙන්ම බලපා ඇති බවයි ජනාධිපති ට්රම්ප් පෙන්වා දෙන්නේ.
සිය ‘Truth Social’ නිල සමාජ මාධ්ය ගිණුම ඔස්සේ වැඩිදුරටත් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, හෝමුස් සමුද්ර සන්ධිය හරහා සිදුකෙරෙන ගෝලීය තෙල් සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.
එබැවින් වර්තමානයේ පවතින මෙම තෙල් මිල ඉහළ යාමේ අර්බුදයට ප්රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ, ලෝක වෙළෙඳපොළේ පිරිපහදු කිරීමේ ධාරිතාව පිළිබඳ හටගෙන ඇති තාක්ෂණික ගැටලු බවයි ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.







Leave a Reply