අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී නව මෙට්‍රෝ (Metro) වර්ගයේ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ (08) දින සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය මගින් අදාළ පෞද්ගලික බස් රථය මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව සඳහන්.
එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පෞද්ගලික බස් රථය නිසි පරිදි නඩත්තු නොකළ, ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවැති එකක් බවයි. ඒ අනුව මෝටර් රථ පරීක්ෂකවරයාගේ නිර්දේශ මත එම බස් රථයට මෙලෙස තාවකාලික ධාවන තහනමක් පනවනු ලැබුවා.
අතුරුගිරිය – පිටකොටුව මාර්ගයේ ධාවනය වන අදාළ පෞද්ගලික බස් රථය අතුරුගිරිය බස් නැවතුම්පොළ තුළ නැවැත්වීම සඳහා ප්‍රධාන මාර්ගය හරහා පසුපසට (Reverse) ගැනීමේදී, මිලේනියම් සිටි සිට පිටකොටුව දෙසට ගමන් ගත් මෙට්‍රෝ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවූ ආකාරය පැහැදිලිව සටහන් වූ CCTV දර්ශන ද සහිතව අතුරුගිරිය පොලීසිය විසින් අද (09) දිනයේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථ දෙකෙහිම රියදුරන් වහාම මත්ද්‍රව්‍ය පරික්ෂාවකට යොමුකර ඇති අතර, එහි පරීක්ෂණ වාර්තා අනුව කිසිදු රියදුරෙකු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර නොමැති බවට තහවුරු වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.







Leave a Reply