පානදුර හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි.
හිරණ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් අද (29) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Leave a Reply