කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ප්‍රබල මත්ද්‍රව්‍යක් වන අයිස් (ICE) මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) රාත්‍රී කාලයේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් අසලදී සිදුකළ විශේෂ වැටලීමකදීයි මොහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු කාලයක සිට සංවිධානාත්මක ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බවටයි පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම මොහුගේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ තවත් ප්‍රධාන ජාවාරම්කරුවෙකු ද අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්වී තිබීම විශේෂත්වයක්.
අත්අඩංගුවට ගත් හිටපු නාගරික මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන පටන්ගෙන තිබෙනවා.







Leave a Reply