රජය විසින් වන්දි ලබාදෙන භෝග 6කට අමතරව භෝග සඳහා ද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව අදහස් දක්වමින්.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,
“වන්දි ලබාදීමේ ක්‍රියාවලියේ තිබෙන්නේ බෝග 6යි. වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා හා මිරිස්. අධික වර්ෂාව නිසා හානි සිද්ධවෙන ගොවීන්ට ඒ භෝග 6ට මේ වන්දිය අදාළ වෙනවා. අනෙකුත් ගොවීන්ටත් යම් වන්දියක් ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලයට ඊට අදාළ ඉල්ලීමක් කරන්න අපි සූදානම්”.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට ද මේ වන විට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
මහ කන්නය වෙනුවෙන් වී වපුරා තිබූ කුඹුරු අතුළු ප්‍රදේශ රැසක ගොවිබිම් දැනටමත් යටව පවතින අතර ජලගැලීම් නිසා උතුරු, උතුරු මැද, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකම ගොවිබිම් රැසකට මේ වන විට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Leave a Reply