Loading...

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න ලැබෙන සහන කාලය

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ණය නැවත ගෙවීම ආරම්භ කිරීමෙන් පසු පොලිය ද අඩු කිරීමට අපේක්ෂාවෙන් පසු වන බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවයි.

The Hindu වෙබ් අඩවිය සඳහන් කරන්නේ සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධව මුලික එකඟතාවයකට ඉක්මණින් එළඹිය හැකි බවත්ය.

තවද මුලික එකඟතාව සම්බන්ධව ණය හිමි රටවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් ද සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මෙම කමිටුව නිර්මාණය ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය දරන්නේ නැහැ.

ඔවුන් එම සාකච්ඡා සඳහා එක්වනු ලබන්නේ නිරීක්ෂකයෙක් ලෙසිනි.

චීනය ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟ වන බවද ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *