අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපතිවරයා එම X පණිවුඩයේ සඳහන් කර ඇත්තේ,
‘අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තේරී පත් වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් @realDonaldTrump වෙත උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ජනතාවට ප්‍රයෝජනවත් වන අපගේ සබඳතාවල පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සමග සම්බන්ධව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි’ යනුවෙනි.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා X පණිවිඩයක් තබමින් සුබ පැතුම් පළකර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ එම X පණිවිඩයේ සඳහන්ව ඇත්තේ “ඓතිහාසික ජයග්‍රහණයක් සඳහා සුබ පැතුම්, ඇමරිකාව තවත් ශ්‍රේෂ්ඨ කිරීමට ඇමරිකා ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇත” යනුවෙනි.
Leave a Reply