Loading...

රෝනීගේ ගෙදරට හොරු පනී

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාට අයත් දෙවිනුවර පිහිටා තිබු නිවසට ඊයේ (05) රාත්‍රියේ දී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපල රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.

ගන්දර පොලීසිය කියා සිටියේ අදාළ නිවසේ මුරකරු විසින් මේ වන විට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙතද පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

මේ අනුව ගන්දර පොලිසීයට සහ පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට සතියක කාලයක් ගත වී තිබෙනවා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *