Loading...

රියදුරන්ගේ ලකුණු කැපෙන ‘Demerit System’ නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් සිට ඇරඹෙයි

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ මාස 6ක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) පෙරවරුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ වැඩපිළිවෙළ ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට මාර්ග පද්ධතිය තුළ සිදුවන අනතුරු අවම කිරීමේ ප්‍රධාන අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මෙම ‘Demerit System’ හෙවත් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ නව ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම ක්‍රමය යටතේ වසර දෙකක කාලයක් සඳහා රියදුරන්ට නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමන අතර, ඔවුන් මහමඟ සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වල ස්වභාවය අනුව අදාළ ලකුණු ප්‍රමාණය අඩුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත (Online) ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් කරමින්, පරිපූර්ණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කටයුතු යොදා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *