Loading...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අවසන් වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී, මාධ්‍ය ආවරණය සඳහා පැමිණ සිටි අදාළ කැමරා ශිල්පියා විසින් ජනාධිපති ආරක්ෂක නිලධාරියා වෙත මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කැමරා ශිල්පියාගේ පහරකෑමට ලක්වූ අදාළ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *