Loading...

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලින් සමහර සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව CIDය කියනවා – ජනපති

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට ආණ්ඩුව කිසිඳු මැදිහත් වීමක් සිදු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) කුරුණෑගලදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්.

“පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් පිරෙනවා, මේ අවුරුදු හයෙන් අවුරුදු පහහමාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. කොච්චරද කියනවා නම් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙ වාර්තාව, 1500 කගෙන් සාක්ෂි අරගෙන වාර්තාවක් ඉදිරිපත් කළා.

වාර්තාව ඉදිරිපත් කළාට පස්සෙ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නවා ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්නෙ නෑ කියලා. එහෙමයි තිබුණෙ. අවුරුදු පහක කාලයක් තුළ ගොඩක් දේවල් හංගන්න පුළුවන්. දැන් මාස හයයි විමර්ශන කරන ආණ්ඩුව ඇවිල්ලා.

සමහර සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපට වාර්තා වෙමින් තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්.

අපි ඇඟිලි ගහන්නෙ නෑ. ඉතාම ස්වාධීන විමර්ශනයකට අපි ඉඩකඩ දීලා තිබෙනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *