Loading...

පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගන්න ආණ්ඩුවෙන් වවුචර පතක්

මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සඳහා අවස්ථා සැලසීමට මෙම පියවර ගත් ඇති බවයි.

දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ 8ක ආසන්න පාසල් දැරියන්ට මෙම වැඩපිලිවෙල යටතේ සනීපාරක්ෂක තුවා බෙදා දීමට පියවර ගනු ඇති. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

රුපියල් බිලියනයක් පමණ මුදලක් මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තුවෙන් ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ මෙහි එක් වවුචර පතක වටිනාකම රුපියල් 1200ක් පමණ වන බවයි.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි මුලික අරමුණ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *