Loading...

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාව අතුරුගිරිය පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී කාලයේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මන්ත්‍රීවරයාව මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරි නීතිමය පියවර සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *