Loading...

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට තහනමක්

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) විශේෂ තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිසිය විසින් අධිකරණය හමුවේ කළ විශේෂ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ.

අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස රැස්ව සිටිමින් විරෝධතාවයේ නිරතවීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව, ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව රැඳී සිටින මහා සංඝරත්නය ඇතුළු පිරිස ඉවත් කිරීමට අදාළව මෙම නීතිමය නියෝගය නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *