නිරත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇති බවට කාලගුණික විද්‍යා විශේෂඥයින් බලාපොරොත්තු වනවා.
නවතම කාලගුණ වාර්තා මඟින් මේ බව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30ට පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බවයි.
එය වයඹ දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවද අනුමානය කරනු ලබනවා.
මේ අනුව අද (29) දිනයේ දිවයිනේ උතුරු සහ උතුරු මැද පළාත්වල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
තවද උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 60ක පමණ තද සුළං ඇතිවිය හැකි වනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
Leave a Reply