Loading...

ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු විපක්ෂ නායකවරයෙක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.

1933 පෙබරවාරි මස 5 වනදා උපත ලද ඒ මහතා මියයන විට 91 හැවිරිදි වියේ පසුවුණා.

සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

තවද ඒ මහතා 2015 වසරේ සැප්තැම්බර් 3 වනදා සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *