Loading...

ආපනශාලා ආහාර මිල පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමත් සමඟ ආපනශාලාවල ආහාර සහ පාන වර්ගවල මිලද අඩු කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, බත් කෑම පාර්සලයක මිල රුපියල් 15කින් පහළ දමන බවයි.

ඊට අමතරව, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්ද, කෙටි ආහාර, පරාටා, බිත්තර රොටිය, කිරි තේ සහ ප්ලේන්ටී මිල රුපියල් 5කින් බැගින්ද අඩු කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ගෘහස්ත ගෑස් මිල සංශෝධනයෙන් ලැබෙන සහනය පාරිභෝගික ජනතාවටද ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *