Loading...

හිටපු අමාත්‍ය චාමර සම්පත් ඔක්තෝබර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ලංකාවේ ඉදිරි ඔක්තෝබර් 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ දීර්ඝ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කිසිදු නීත්‍යානුකූල හෝ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර, පුද්ගලික සමාගම් වෙත පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සහ ඒ සඳහා සහාය දැක්වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක දැවැන්ත අල්ලස් මුදලක් ලබාගැනීමේ බරපතල චෝදනාව මතයි චාමර සම්පත් දසනායක මහතා මෙලෙස නීතියේ රැහැනට හසුවී රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *