Loading...

රුපියල් ලක්ෂ 81ක අල්ලස් චෝදනාවකට හිටපු අමාත්‍ය චාමර සම්පත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට ස්වල්ප මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විධිමත් ටෙන්ඩර් හෝ නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය නොකර, තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් මෙරට පොස්පේට් (Phosphate) අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගැනීමේ බරපතල චෝදනාවකට අදාළවයි අල්ලස් කොමිසම මගින් මෙම දීර්ඝ විමර්ශනය ක්‍රියාත්මක කර ඇත්තේ.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම දූෂණ විමර්ශනයට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී චාමර සම්පත් මහතා ඉදිරි නීතිමය කටයුතු සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *