Loading...

පරාටා සහ කෙටි ආහාර මිල ගණන් ඉහළට

ආනයනික තිරිඟු පිටි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 13කින් ඉහළ නැංවීමට අදාළ සමාගම් කටයුතු කිරීමත් සමඟම, වෙළෙඳපොළේ කෙටි ආහාර (Short Eats) සහ පරාටා මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද (21) මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල හදිසියේ ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන් වෙත පවතින බලපෑම අවම වන පරිදි මෙම ආහාරවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ දැමීමට සිදුවන බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, වැඩි කෙරෙන නිශ්චිත මිල ගණන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ පිටි සමාගම් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13ක මුදලකින් ඉහළ යනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *