ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ (Krrish) ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමූහයේ හිටපු විධායක අධ්‍යක්ෂිකා, ප්‍රකට ව්‍යාපාරිකා ජානකී සිරිවර්ධන මහත්මිය එළඹෙන ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර සිටියා.
එමෙන්ම, සැකකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ඇප ඉල්ලීම් පිළිබඳ තීරණය ද එළඹෙන ඔක්තෝබර් 16 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.






Leave a Reply