අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් තිබෙනවා.
පිටිගල, ඉහළ හේරැස්ස ප්‍රදේශයේ පිහිටි ලේනගල ආරණ්‍ය සේනාසනයේදී පොලිසිය විසින් උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා.
ඊට අමතරව උන්වහන්සේට විදේශගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් ද පනවා තිබීම විශේෂත්වයක්.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්රදානය කර තිබූ ජනාධිපති පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමත් සමඟයි මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ.







Leave a Reply