Loading...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයක් – අවන්හල් හිමිකරු තැනම මරුට

කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (09) උදෑසන සිදුවූ අතිශය ම්ලේච්ඡ වෙඩිතැබීමකින් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වහාම ක්‍රියාත්මක වන පරිදි නාගොඩ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අවන්හල ඉදිරිපිට සිටි අදාළ අඹුසැමි යුවල ඉලක්ක කරගනිමින් මෙම ඝාතන ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනය සඳහා ටී-56 (T-56) වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක් භාවිත කර ඇති බවයි.

පළාගිය තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO) සහ කළුතර දකුණ මූලස්ථාන පොලීසිය එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *