දැනට කොළඹට පමණක් සීමා වී පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බලප්‍රදේශ සහ මෙහෙයුම්, ඉදිරි අයවැය ලේඛනය මගින් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත් ව්‍යාප්ත වන පරිදි ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.
අද (11) නිකවැරටිය ප්‍රදේශයේ පැවැති දැවැන්ත ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම විශේෂ අනාඅවරණය සිදුකළා.
එමෙන්ම අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ ශක්තිමත් කිරීම උදෙසා නව නිලධාරීන් 900කට වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමට ද දැනටමත් අවසර ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, වර්තමානය වන විට රට තුළ පවතින රාජ්‍ය මට්ටමේ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත්, රාජ්‍ය සේවය තුළ යම් ආකාරයක හෝ එවැනි නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවුවහොත් ඊට සම්බන්ධ වන තරාතිරම නොබලා දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ජනරැලිය හමුවේ දැඩි ලෙස අවධාරණය කළා.








Leave a Reply