අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද විශේෂ තහනම් නියෝගයට ගරු කරමින්, ගාලු පාර ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කරගැනීමට සත්යග්රහයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස පියවර ගෙන තිබෙනවා.
අධි ආරක්ෂිත කලාපයක් වන අදාළ පරිශ්රය තුළ විරෝධතාවල නිරතවීමට ඉඩ නොදෙන ලෙස ශ්රී ලංකා පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම අතුරු තහනම් නියෝගය ලබා දුන්නේ.
අධිකරණ නියෝගය නිකුත් වීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා වෙත අදාළ නියෝගය ප්රසිද්ධියේ කියවා භාර දීමට ද කටයුතු කරනු ලැබුවා.
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඊයේ (15) පස්වරුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අසුරමින් අඛණ්ඩ සත්යග්රහයක නිරත වෙමින් සිටියා.






Leave a Reply