Loading...

අග්බෝ ඇතා සොයා ආරක්ෂක අංශයෙන් විශේෂ මෙහෙයුමක්

රටේ දැඩි කතාබහට ලක්ව සිටින ප්‍රසිද්ධ ‘අග්බෝ’ ඇතා සිටින ස්ථානය කඩිනමින් හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විශේෂ නියෝග මත විශේෂ හමුදා කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත් කර යවා තිබෙනවා.

පරිසර අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර මීට සුළු මොහොතකට පෙර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම හදිසි තීරණය ගෙන ඇති බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

අපේ රටේ අමිල වන අලි සම්පත ආරක්ෂා කර ගැනීමේ ජාතික හා පාරිසරික වැදගත්කම දැඩි ලෙස සැලකිල්ලට ගනිමින්, අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල ද පූර්ණ සහයෝගය ඇතිව අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *