“X” සමාජ මාධ්‍ය ජාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසනවා.
මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් X ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වනවා.
ඉලෝන් මස්ක් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන බවත් ඊයේ (10) දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්ය.
මේ හේතුවෙන් පැය 6කට ආසන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ X සමාජ වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වනවා.
Leave a Reply