Loading...

ඉන්දුනීසියාවේ භූකම්පාවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදුවූ භූමිකම්පාවෙන් පැය දෙකකට පමණ පසු ඒ සම්බන්ධව නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.

හවායි දූපත්හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ “ලබා ගත හැකි සියලුම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව… මෙම භූමිකම්පාවෙන් එල්ල විය හැකිව තිබූ සුනාමි තර්ජනය මේ වන විට පහව ගොස් ඇති බව තහවුරු කළ හැකියි.” බවයි.

කෙසේ වෙතත් මුහුදු රළ මට්ටමේ සුළු වෙනස්වීම් සිදුවිය හැකි බැවින් වෙරළාසන්න වැසියන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසද බලධාරීන් ඉල්ලා සිටිනවා.

මේ අතර නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් ඇති වූ භූමිකම්පාවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටිමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි මෙම කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපදය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සිදුකර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *