එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත බවට පැවසෙන සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්ද්‍රසේනගේ මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අනුව සැකකරුට ඇප ප්රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය කර නොමැති බව සඳහන්.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන මහතා තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා.
මේ අතර එයාර් බස් මිලදී ගැනීමේ දී අල්ලස් ලබාගත් යැයි සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසිනි.
අල්ලස් කොමිසමේ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය අද (02) ප්‍රකාශයට පත් කරමින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මෙම නියෝගය ශ්‍රී ලංකාවේ සියලුම ගුවන්තොටුපොළවල් වෙත යැවීමට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට දැනුම්දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇති බව සඳහන්.







Leave a Reply