ඉන්දියානු පිරිපහදුකරුවන්ට රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර ලබාදෙමින් අමෙරිකාව විසින් ඉන්දියාවට දින 30ක සහන කාලයක් ලබාදී තිබෙනවා.
2026 වසරේ මාර්තු 5 වනදා වන සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදනය ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර ඇති බව සඳහන්.
මේ අනුව අදාළ ගණුදෙනු ලබන අප්‍රේල් 3 වනදා දක්වා සිදු කිරීමට අවසර දෙන බවද එහි සඳහන්ව තිබෙනවා.
ගෝලීය තෙල් සැපයුම්වලින් 20%ක් හසුරුවන සමුද්‍රීය මුරපොළක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම, ගල්ෆ් කලාපයේ ප්‍රධාන තෙල් බිම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග පුරා තෙල් නිෂ්පාදනයට මේ වන විට එල්ල වී ඇති බව සඳහන්.







Leave a Reply