Loading...

ට්‍රම්ප්ගෙන් ඉරානයට දරුණු අනතුරු ඇඟවීමක්

තම හමුදාව විසින් තවමත් ඉරානයේ අනෙක් සම්පත් විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී පෙන්වා දී ඇත්තේ ඉරානයේ පාලම් විනාශ කිරීමෙන් පසුව විදුලි බලාගාර විනාශ කරන බවයි.

කුමක් ද කළ යුත්තේ නව රෙජීමය දැනුවත්ව සිටින බවත් එය කඩිනමින් සිදුකළ යුතු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටිනවා.

ඔහු එම සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමෙරිකානු හමුදාව මේ දක්වා ලොව සිටින ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම හමුදාව වන බවයි.

මේ අතර ටෙහෙරානය සහ කර්ජ් නගරය යා කරන පාලමක් ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාරයෙන් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *