Loading...

ඉරානය සමග වෙළෙඳාම් කරන රටවලට ට්‍රම්ප්ගෙන් අමතර තීරු බද්දක්

ඉරානය සමඟ වෙළෙඳාම් අඛණ්ඩව සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට අනතුරු අඟවමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නැහැ.

එය 25%ක පමණ අගයක් විය හැකි බවද වාර්තා වනවා.

මේ අනුව ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා ආනයනය කරන හෝ වෙනත් අයුරකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටකට මෙම නියෝග අදාළ බව අමෙරිකාව පවසනවා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධව අමෙරිකානු හා ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕමානයේ දී සාකච්ඡා පවත්වන අතරවාරයේ මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සුවිශේෂී වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *