Loading...

2026 වසරේ පළමු මසදී පමණක් සංචාරක පැමිණීම් ලක්ෂ 3 පනී

2026 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 300000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි මස පළමු වනදා සිට පෙබරවාරි 4 වනදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317381 දෙනෙකු පැමිණ ඇති බවයි.

එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර ඔවුන්ගේ සංඛ්‍යාව 57348 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

තවද බ්‍රිතාන්‍ය ජාතිකයින් 34724 දෙනෙකු, රුසියානු ජාතිකයින් 30951 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 20272 දෙනෙකු සහ චීන ජාතිකයින් 16315 දෙනෙකු ඒ අතර වන බව සඳහන්.

ඊට අමතරව ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

තවද පෙබරවාරි මස පළමු දින හතර තුළ පමණක් විදෙස් සංචාරකයින් 40054 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක අධිකාරිය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *