2026 වසරේ පෙබරවාරි මස පළමු දින 08 තුළදී සංචාරකයින් 80776ක් මෙරටට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වර්තාවක මේ බව සඳහන් වනවා.
ඉන්දියාවෙන් සංචාරකයින් 12439ක් පැමිණ ඇති අතර එය 15%ක අගයකි.
ඊට අමතරව එක්සත් රාජධානියෙන් 9283ක්, රුසියාවෙන් 6946ක්, ජර්මනියෙන් 5401ක් සහ චීන ජාතිකයින් 5037ක් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ අනුව 2025 පෙබරවාරි මසදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 240217කි.







Leave a Reply