මීළඟ ජනාධිපතිවරණය සඳහා සමඟි ජන බලවේගයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා.
අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපක් කරන්නේ නෑනේ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙන් තමා. ඒ අනුව දැනට පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා සමගි ජන සන්ධානය කියලා. ඉදිරියත් එන්න නියමිතව තිබෙනවා. ඒ සියල්ල එකතු කරගත් ශක්තිමත් පළල් බලවේගයක්. ඒකේ අපිත් ඉන්නවා. අපි සහ ඒ සියලුදෙනා එකතු වෙලා එක් පුද්ගලයෙක් ජනාධිපති විදියටත් ශක්තිමත් කණ්ඩායමකුත් වැඩපිළිවෙලකුත් රට හමුවේ තියලා ජයග්‍රහණය කරනවා.”
Leave a Reply