වත්මනයේ මහා සංඝ රත්නයට, සංස්කෘතියට හා ඉතිහාසය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ලැබෙන සැලකිලි පිළිබඳව සියලු දෙනාට ගැටළුවක් පැන නැගී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා.
උන් වහන්සේ මේ බව සඳහන් කළේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අස්ගිරිය පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමි,
“අපි අද ආවේ අපේ මුදුන් මුල හොයාගෙන, නැත්නම් අපේ හදවතට මේ උදාර පුදබිම අපට එදාත්, අදත්, හෙටත් කවදාත් වටිනවා. හැබැයි මේ මුලට, මේ බිමට මෙහි වැඩහිඳින නාහිමිවරුන්ට, වර්තමානයේ සමස්ත සංඝරත්නයට, ශාසනයට, සංස්කෘතියට, කලාවට, ඉතිහාසයට තියෙන තැන, ලැබෙන සැලකිලි කොතෙක් දුරට අපට සතුටුවෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය අපි හැමදෙනාටම තිබෙනවා. භික්ෂුව නිහඬ වුණොත් කවුද කතා කරන්නේ? අසාධාරණයට මේ බරපතළ සංස්කෘතික සෝදාපාලුවට. ඒ නිසා භික්ෂුන් වහන්සේලා තර්ජන, ගර්ජනවලට බියවිය යුතු කෙනෙක් නෙවෙයි. දේවදත්තලා හිටපු නිසා තමයි බුදුගුණ ඔය තරම් ලස්සනට ඉස්මතුවන්නේ”
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව සිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමියන්ගේ 35 වන ගුණානුස්මරණය වෙනුවෙන් 100ක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාව මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දී ඊයේ (31) පැවැත්වුණා.
ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ” සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය ” කෘතිය දොරට වැඩුමද සිදුවුණා.
ඊට සමගාමීව වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත ” සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය ” කෘතිය දොරට වැඩුමද සිදු විය.







Leave a Reply